Saturday 8th of November 2025

English Tamil
Advertiesment


විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න උපරිම සහාය දෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා


2025-11-08 1223

B.C පෙරේරා වැටුප් කොමිසම හරහා ක්‍රියාත්මක වූ වැටුප් වැඩි වීම වසර තිහකට අධික කාලයක් නොලැබිම නිසා දැඩි අසරණ වූ ගුරු විදුහල්පති ක්⁣ෂේත්‍රයේ 85000ක් පමණ අගතියට පත්ව ඇති බවත් සමහරුවන්ට 40000ක විශ්‍රාම වැටුපක් ලැබෙන විට සමහර අයට 120000ක පමණ විශ්‍රාම වැටුප් ලැබෙන බවත් මේ බරපතල අසාධාරණයට විරුද්ධව තමාත් සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය කරන්න පුලුවන් ලොකුම සටන කර සාධාරණයක් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දියත පොල්දූව මංසංධියේදී විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පැවැති ස්ථානයට එක්වෙමිනි.

මොවුන්ගේ අයිතිය ජයග්‍රහණය කරවන්න නායකත්වය දෙන බවත් අයවැය කතාවේ සහ විවාදයේදී කාරක සබා අවස්ථාවේ දී පවා මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන බවත් අවශ්‍ය නම් නෛතික පැත්තෙන් පවා නොමිලේ නීති සහාය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.  

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment